තනි පරිශීලක ප්‍රවිෂ්ට වීම අවසන් නිවේදනය/පුද්ගලික නිවේදනය

This page is a translated version of the page Single User Login finalisation announcement/Personal announcement and the translation is 62% complete.
Outdated translations are marked like this.

ඔබගේ ගිණුම යළි නම් කෙරේවි

ආයුබෝවන්,

විකිමාධ්‍ය ව්‍යාපෟතියෙහි නිර්මාපක කණ්ඩායම විසින් ගිණුම් ක්‍රියා කරන ආකාරය පිළිබඳ සමහර වෙනස් කම් සිදු කරන්නේ, අපගේ පරිශීලකයන්හට, අන්තර්-විකි දැන්වීම් වැනි, නව හා වඩාත් හොඳ මෙවලම් ලබාදීමේ අපගේ ඉදිරි ක්‍රියාවලියේ අංගයක් වශයෙනි. මෙම වෙනස්කම් වලින් අදහස් වන්නේ, සැම තැනකදීම, ඔබ එකම ගිණුම් නම භාවිතා කරන බවයි. ඔබ හට සංස්කරණය හා සංවාදය වඩාත් හොඳින් සිදුකිරීමට හැකි වන අයුරින් නව විශේෂාංග ලබා දීමටද, මෙවලම් සඳහා වඩාත් සුනම්‍ය පරිශීලක අවසර සඳහා ඉඩ සැලසීමටද මෙයින් හැකිවෙයි. මෙහි එක් අතුරු බලපෑමක් වන්නේ, විකිමාධ්‍ය විකි 900 තුල සියළු පරිශීලක ගිණුම් මෙවිට අනන්‍ය විය යුතු වීමයි. වැඩි විස්තර සඳහා දැන්වීම බලන්න.

අවාසනාවකට, ඔබගේ ගිණුම, {{subst:PAGENAME}} නමම දරන වෙනත් ගිණුමක් හා ගැටෙයි. ඔබ දෙදෙනාටම විකිමීඩියා හි විකි ඉදිරියේදී භාවිතා කළ හැකි වන පරිදී, අප විසින් {{subst:PAGENAME}}~{{WIKI}} ලෙසින් ගෝලීය නාමයක් ඔබ වෙනුවෙන් වෙන් කර ඇත.ඔබ එයට කැමති නම් ඔබට කිසිවක් කිරීමට අවශ්‍ය නැත. ඔබට වෙනස් නාමයක් තෝරා ගැනීමට අවශ්‍ය නම් අපිට මෙම ෆෝර්මය පිරවීම මගින් දැනුම් දෙන්න.

ඔබගේ ගිණුම පෙර පරිදිම ක්‍රියා කරනු ලබන අතර, ඔබ විසින් මෙතෙක් සිදු කළ සියළු සංස්කරණ පිළිබඳ ගෞරවය ඔබට නොමද ව හිමි වන මුත්, ඔබ ප්‍රවිෂ්ට වන විට නව ගිණුම් නම භාවිතා කළ යුතු වෙයි.

ඔබ හට සිදුවූ අපහසුතාවය ගැන කණගාටුව පළකරමු.

මෙයට,
Keegan Peterzell
ප්‍රජා සම්බන්ධක, විකිමාධ්‍ය පදනම