මෙහෙවර ප්‍රකාශය

This page is a translated version of the page Mission and the translation is 100% complete.

විකිමීඩියා පදනම හි මෙහෙවර ප්‍රකාශය අපගේ වර්තමාන ක්‍රියාකාරකම් සහ අරමුණ, අපගේ ව්‍යාපෘතිවල විෂය පථය සහ අපගේ මූලික වටිනාකම් විස්තර කරයි. එය දැක්ම ප්‍රකාශයට ප්‍රතිවිරුද්ධව පවතී. අපගේ මෙහෙවර ප්‍රකාශය, සංස්ථාගත කිරීමේ ලිපිවල කෙටි අනුවාදයේ විස්තාරණය සහ 2007 අප්‍රේල් මාසයේ මණ්ඩල යෝජනාවක් විසින් අනුමත කරන ලදී:

නිදහස් වරපත් හෝ පොදු හිමිකම් යටතේ යටතේ අධ්‍යාපනික අන්තර්ගතයන් එක්කාසුකිරීම සහ නිර්මාණය කිරීම සඳහා ලොව වටා සිටින ජනතාව සවිබල ගැන්වීම සහ ඒවා ප්‍රථිඵලදායී ලෙස රොවපුරා බෙදාහැරීම විකිමීඩියා පදනමේ මෙහෙවර වන්නේය.

පිළිගත් පරිච්ඡේද, තේමාත්මක සංවිධාන, පරිශීලක කණ්ඩායම් ඇතුළුව තනි පුද්ගල ස්වේච්ඡා සේවකයන්ගේ ජාලයක් සහ අපගේ ස්වාධීන ව්‍යාපාර සංවිධාන සමඟ සම්බන්ධීකරණයෙන්, සහ හවුල්කරුවන්, පදනම විසින් බහුභාෂා විකි ව්‍යාපෘති සහ මෙම මෙහෙවරට සේවය කරන අනෙකුත් ප්‍රයත්නයන් සඳහා සහය සහ සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සහ ආයතනික රාමුවක් සපයයි. පදනම එහි ව්‍යාපෘති වලින් ප්‍රයෝජනවත් තොරතුරු සදාකාලිකව අන්තර්ජාලයේ නොමිලේ ලබාදෙයි.

ප්‍රකාශයේ වාක්‍ය ඛණ්ඩය වෙනස් කිරීමට යෝජනා මෙහෙයුම/අස්ථායී හිදී ඉදිරිපත් කළ යුතු අතර යෝජනා අවම වශයෙන් වාර්ෂිකව (සෑම වසරකම) සමාලෝචනය කෙරේ.

අපගේ අතුරු නීති, දැක්ම, සහ අගයන් ද බලන්න.